Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • සිංහල
  • NRSC
  • Home
  • About Us
  • Services
  • Downloads
  • Media
    • News & Events
    • Photo Gallery
    • Video Gallery
  • Programmes
  • FAQ's
  • Contact us
    • Inquire
    • Contact Details
  • Sitemap
  • E - Library
  • දත්ත ගබඩාව

  • You are here:  
  • Home
  • Media
  • News & Events

රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන

රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන

බස්නාහිර පළාතේ රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන යටතේ ඉල්ලීම් ලැබී තිබූ පාසල් වෙත රිය නියාමක කට්ටල ලබා දීම හා රිය නියාමන කටයුතු සම්බන්ධ දැනුවත් කිරීම් සිදු කිරීම  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතින වැඩසටහනකි.

මෙහිදී රිය නියාමක ජැකට් 06ක්, රිය නියාමක සංඥා පුවරු 02ක් බැගින් වූ කට්ටලයන්, අයදුම්පත් යොමු කර ඇති පාසල් 135ක් සඳහාත්, තවත් කට්ටල 165 ක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා  බෙදා දීමත් සිදු කරන ලබයි.

මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය

මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය

කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කරන ලද අතර, එහිදී පාසල් සිසුන් දැනුවත් කිරීම හා එම මාර්ග ආරක්ෂා ඒකකය වෙත පාපැදි ලබාදීමේ අවස්ථාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම උද්‍යානයේ මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් කොළඹ නගර සීමාව තුළ පමණක් නොව දිවයින පුරාම ඇති පාසල් දරුවන් සඳහා මෙම ඒකකයේ මාර්ග නීති රීති පිළිබඳ ප්‍රායෝගික පුහුණුවට සහභාගී විය හැකිය. එක් කණ්ඩායමක් සඳහා පුහුණු කාලය පැය දෙකකි. පුහුණු කාලයෙන් පසුව සහතික පත්‍රයක් එම ප්‍රායෝගික පුහුණුව අවසන් කළ සිසු දරුවන්ට පිරිනැමේ. එමෙන්ම කොළඹ නගරයේ අධ්‍යාපන චාරිකා වල නියැලෙන පිට පළාත්වල පාසල් දරුවන් හට ද මෙම මාර්ග ආරක්ෂණ ඒකකයේ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී විය හැක. මේ සඳහා කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලබා ගත යුතු වේ.


2

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම

 

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම

කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවය (St. Jones Ambulance Association & Brigade in Sri Lanka, Colombo) හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව, මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2025.11.16 දින මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ශාන්ත ජෝන් ගිලන් සේවයේ සාමාජික සිසු සිසුවියන් 450 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

The road safety awareness program held in conjunction with the World Children's Day

The road safety awareness program held in conjunction with the World Children's Day was held at the Road Safety Unit established in Viharamaha Devi Park on 01 October 2023 and the Hon'ble Minister of Transport, Highways and Mass Media Dr. Bandula Gunawardena and the Hon'ble Minister of State for Transport Lasantha were the chief guests. It was done with the cooperation of Mr. Alagiyawanna. For this, 100 1st and 2nd grade students studying in Nikahatikanda Junior College, Yatawara Junior College, Bopagama Junior College, Ratambale Junior College, several teachers and parents were also involved. Also, a group of government officials including Mr. Malith Jayathilaka, Chairman of the National Road Safety Council, Mr. Indika Hapugoda, Deputy Inspector General of Police (Traffic and Road Safety), and Director Engineer (Colombo Mahanagara Sabha) Mr. PH Chandapala participated in this event.

බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම

60 වන බාලදක්ෂ කැම්පෝරියට සමගාමීව බාලදක්ෂ සිසු සිසුවියන් 8000කට අධික ප්‍රමාණයක් දැනුවත් කිරීම
කොළඹ දිසා බාලදක්ෂ සංගමය (Sri Lanka Scout Association, Colombo district branch) මගින් 2025.11.05 සිට 2025.11.10 දක්වා පවත්වන 60 වන බාලදක්ෂ කැම්පෝරිය -කොළඹ (60th Colombo Scout Camporee) සමගාමීව විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇති ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ප්‍රදර්ශණ කුටියක් පැවැත්වීම හා මාර්ග ආරක්ෂාව පිළිබඳ බාලදක්ෂ සිසුන් දැනුවත් කිරීම සිදු කරණු ලැබීය.
මෙම බාලදක්ෂ කැම්පෝරිය සඳහා සිසුන් 8000 ක් පමණ සම්බන්ධ වූ අතර, 2025.11.06 සිට 2025.11.09 දක්වා එම බාලදක්ෂයින්ට , ශ්‍රී ලංකා පොලිසියේ හා කොළඹ මහා නගර සභාවේ සහයෝගය ඇතිව ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීම, මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ පට ඩිජිටල් තිරය ඔස්සේ විකාශණය කිරීම, මාර්ග රිය අනතුරු පිළිබඳ දත්ත හා තොරතුරු ලබා දීම වැනි ක්‍රියාකාරකම් සිදු කරනු ලැබීය. තවඳ, මෙම වැඩසටහනට සහභාගී වන බාලදක්ෂයින් සඳහා ඔවුන් සහභාගී වූ බව සනාත කරමින් ඔවුන්ගේ බාලදක්ෂ වැඩපොතෙහි (Log book) ඇලවීම සඳහා ස්ටිකර්පතක් ලබා දීමත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් සිදු කරනු ලැබීය.
FaLang translation system by Faboba

Database on
Road Accidents

Enter

Public Opinions

Enter

Snippets on Road Safety

National Council for Road Safety,
No 01, D.R. Wijewardene Mawatha,
Colombo 10,
Sri Lanka.
Phone : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
Fax : +94 112 680 163 
E-mail : ncrstransport@gmail.com
Copyright © 2026 National Council for Road Safety. All Rights Reserved.
Design and Developed by Procons Infotech

gic en

2026-06-16
Last Modified