මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව
රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන
රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන
බස්නාහිර පළාතේ රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන යටතේ ඉල්ලීම් ලැබී තිබූ පාසල් වෙත රිය නියාමක කට්ටල ලබා දීම හා රිය නියාමන කටයුතු සම්බන්ධ දැනුවත් කිරීම් සිදු කිරීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතින වැඩසටහනකි.
මෙහිදී රිය නියාමක ජැකට් 06ක්, රිය නියාමක සංඥා පුවරු 02ක් බැගින් වූ කට්ටලයන්, අයදුම්පත් යොමු කර ඇති පාසල් 135ක් සඳහාත්, තවත් කට්ටල 165 ක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා බෙදා දීමත් සිදු කරන ලබයි.




බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම
60 වන බාලදක්ෂ කැම්පෝරියට සමගාමීව බාලදක්ෂ සිසු සිසුවියන් 8000කට අධික ප්‍රමාණයක් දැනුවත් කිරීම
කොළඹ දිසා බාලදක්ෂ සංගමය (Sri Lanka Scout Association, Colombo district branch) මගින් 2025.11.05 සිට 2025.11.10 දක්වා පවත්වන 60 වන බාලදක්ෂ කැම්පෝරිය -කොළඹ (60th Colombo Scout Camporee) සමගාමීව විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇති ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ප්‍රදර්ශණ කුටියක් පැවැත්වීම හා මාර්ග ආරක්ෂාව පිළිබඳ බාලදක්ෂ සිසුන් දැනුවත් කිරීම සිදු කරණු ලැබීය.
මෙම බාලදක්ෂ කැම්පෝරිය සඳහා සිසුන් 8000 ක් පමණ සම්බන්ධ වූ අතර, 2025.11.06 සිට 2025.11.09 දක්වා එම බාලදක්ෂයින්ට , ශ්‍රී ලංකා පොලිසියේ හා කොළඹ මහා නගර සභාවේ සහයෝගය ඇතිව ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීම, මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ පට ඩිජිටල් තිරය ඔස්සේ විකාශණය කිරීම, මාර්ග රිය අනතුරු පිළිබඳ දත්ත හා තොරතුරු ලබා දීම වැනි ක්‍රියාකාරකම් සිදු කරනු ලැබීය. තවඳ, මෙම වැඩසටහනට සහභාගී වන බාලදක්ෂයින් සඳහා ඔවුන් සහභාගී වූ බව සනාත කරමින් ඔවුන්ගේ බාලදක්ෂ වැඩපොතෙහි (Log book) ඇලවීම සඳහා ස්ටිකර්පතක් ලබා දීමත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම
කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවය (St. Jones Ambulance Association & Brigade in Sri Lanka, Colombo) හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව, මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2025.11.16 දින මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ශාන්ත ජෝන් ගිලන් සේවයේ සාමාජික සිසු සිසුවියන් 450 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.




















