රිය අනතුරකදී වාහනය හඳුනා ගැනීමට නොහැකිව වින්දිත භාවයට පත් වී මිය ගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට රු.දෙලක්ෂ පනස් දහසක් ( රු250,000.00 ) හා බරපතල තුවාල ලබන පුද්ගලයින්ට සහනයක් ලෙස රු.එක් ලක්ෂ පනස් දහසක් (රු. 150,000.00) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් ලබා දෙනු ලැබේ. මේ සඳහා නිසි ලෙස සම්පුර්ණ කල අයදුම් පත්‍රයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත යොමු කරන්න.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා කාර්යාලයෙන්
- සියලුම පොලිස් ස්ථානයන්ගෙන්
- සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
වැඩිදුර තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න 
Web - http://www.roadsafety.gov.lk
http://www.roadsafety.gov.lk
E mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.







