- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අයත් අමාත්‍යාංශය කුමක්ද?
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය - දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන ප්‍රමාණය කොපමණද?
- ලංකාව තුල දිනකට සිදුවන මාර්ග රිය අනතුරු වලින් මිය යන ප්‍රමාණය දළ වශයෙන් සඳහන් කරන්න.
- මාරක රිය අනතුරු වලට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
- එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ග ආරක්ෂාව විෂය සම්බන්ධයෙන් වගකීම පවරා ඇති ආයතනයේ නම කුමක්ද?
- ලෝකයේ මාර්ග රිය අනතුරු හේතුවෙන් වසරක දි මිය යන ප්‍රමාණය කොපමණද?
- මාරක රිය අනතුරු හේතුවෙන් ලෝකයේ දිනකට මිය යන ළමුන් ප්‍රමාණය කොපමණද?
- එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ග ආරක්ෂණ දශකයක් නම් කර ඇත, එම දශකය සඳහන් කරන්න.
- රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරීම.
- හඳුනා නොගත් වාහනවලින් අනතුරට පත් තැනැත්තන්ට වන්දි ගෙවීම.
- මාර්ග ආරක්ෂාව සහ සම්බන්ධිත විෂයානුබද්ධිත ව්‍යාපෘති කෙරෙහි වගකීම දරන රාජ්‍ය නොවන අදාළ ආයතන වලට දැනුම සහ තොරතුරු ලබා දීම.
- මාර්ග අනතුරු පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
- රථවාහන ප්‍රමාණය සහ ඒවායේ ලක්ෂණ සංයුතිය.
- මාර්ග අනතුරු.
- මාර්ග ආරක්ෂාව පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන.
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ''e'' තාක්ෂණය සහිත පුස්තකාලයක් පවත්වාගෙන යාම.
- සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සබඳතා පැවැත්වීම සහ පළපුරුදු දැනුම හුවමාරුකර ගැනීම.
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරිම සහ ක්‍රියාවට නැගීම.
- මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත ප්‍රතිපත්තීන් සහ ව්‍යාපෘති පිළිබඳව රජයට උපදෙස්දීම.
2026 වර්ෂය තුළ සිදුකෙරෙන ක්‍රියාකාරකම්
- මාර්ග ආරක්ෂාව සහ මාර්ග රිය අනතුරු පිළිබඳ දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම.
- රිය අනතුරු වලින් වින්දිත භාවයට පත්වූ අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා වන්දි ගෙවීම
- ජාත්‍යන්තර වින්දිත දිනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- මාර්ග ආරක්ෂාව උදෙසා ස්වේච්ඡාවෙන් කැපවූ පුරවැසියන් සඳහා මූල්‍ය ත්‍යාග සහ සහතික පත්‍ර ලබාදීම.
- මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ලෝකයේ භාවිත කරන ශ්‍රී ලංකාව සඳහා යොදා ගත හැකි නව තාක්ෂණය හඳුනා ගැනීම.
- රථවාහන නීතියට අනුගත වීම, වාහන අනතුරු අවම කිරීම, අනුතුරක් සිදුවූ විට ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරන්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පළාත් මට්ටමින් ලංගම බස්රථ රියදුරන් සහ පොදු ප්‍රවාහන රියදුරන් සඳහා වාර්ෂිකව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- මාර්ග ආරක්ෂාව පිළිබඳ මූලික සංකල්ප පිලිබඳ අවබෝධයක් ලබාදීම සඳහා පෙර පාසැල් ළමුන් සඳහා ඉගෙනුම් ආධාරක ලබාදීම.
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරනු ලබන රියදුරන් හඳුනා ගැනීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඉදිරියට කරගෙන යාම.
- පොදු ප්‍රවාහනය අතරතුර සිදුවන අනතුරු සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම.
- ප්‍රමිතිගත යතුරුපැදි හිස්වැසුම් භාවිතය අනිවාර්ය කිරීම.
- ග්‍රාමීය මාර්ග වල අධි අවධානම් ස්ථාන හඳුනා ගැනීම සහ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීම සිදු කිරීම.
- රූපවාහිනිය, ගුවන්විදුලිය, පාසැල් මාධ්‍ය, මාධ්‍ය අංශ හරහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ව පැසැල් සිසුන් දැනුවත් කිරීම.
මඟ සුරැකි සමාජයක් සඳහා අප කළ මෙහෙවර
- හෙල්මට් ප්‍රමිතිගත කර ආරක්ෂිත තත්ත්වයකට ගෙනඒම.
- අනාරක්ෂිත ත්‍රී රෝද රථය පියවරින් පියවර ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම.
- කුඩා මෝටර් රථ වලට පවා වායූ මලු මගින් ආරක්ෂාව ලබාදීම.
- මගී යහපත සඳහා ත්‍රී රෝද රථයට මීටරයක් අනිවාර්‍ය කිරීම.
- ත්‍රී රෝද රථයට ආසන පටි සවි කිරීම, ඇතුලත ඇති සියලු යකඩ හා වානේ බට රබර් වලින් ආවරණය කිරීම.
- දකුණු පස කැනපිය ශක්තිමත් කර වඩා ආරක්ෂාකාරී ලෙස සකස් කරලීම.
- වැරදි තැන්වල ස්ථාපිත කර තිබූ කහ ඉරි ඉවත් කර නිවැරදි කරලීමට කටයුතු කිරීම.
- අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්ථිත පුවරු ස්ථාපනය කිරීම.
- දුම්රිය ස්ථාන වල ජනතාව දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කිරීම.
- අනතුරු වලට ලක් වු ලංගම රියදුරන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සිදු කිරීම.
- වාහන මගින් සිදු වන පරිසර දුෂණය අවම කිරීම සඳහා ජනාධිපති කාර්යාලය හා එක්ව කටයුතු කිරීම.
- ශබ්ද දුෂණය අවම කිරීමේ කාර්යය සඳහා දායකත්වය ලබාදීම.
- හප්පා පලායන රියදුරන් නිසා වින්දිත භාවයට පත් පුද්ගලයන්ට මුල්‍ය ප්‍රදාන සිදු කිරීම.
- රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂිත අයදුම්කරුවන් සඳහා නොමිලේ පූර්ව පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- පොදු ප්‍රවාහනයේදි කාන්තා හිංසනය අවම කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- දඩ පනත සංශෝධනය කිරීමට දායකත්වය ලබාදීම.
- පළාත් මට්ටමින් මාර්ග ආරක්ෂණ ආයතන ස්ථාපිත කිරීම.
- ජාතික මට්ටමින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නිලධාරීන් දැනුවත් කිරීම.
| නම සහ තනතුර | දුරකථන | විද්‍යුත් තැපෑල |
|
මංජුල කුලරත්න මහතා සභාපති |
+94 113 168 501 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
එන්.එම්.එම්. මුෂාරත් මහතා ලේකම්/අධ්‍යක්ෂ |
+94 112 696 890 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
දැක්ම
සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක්
මෙහෙවර
තිරසාර සංවර්ධනය උදෙසා මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරීම.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව 1998 අංක 5 දරන මෝටර් වාහන (සංශෝධන) පනතේ 213 (අ) වගන්තිය සහ 213 (ආ) වන වගන්ති මගින් ස්ථාපිත කර ඇත. ඒ අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළුව රාජ්‍ය ආයතන 16 ක සහ රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයෙකු ඇතුළු නියෝජිතයින් 17කින් සමන්විත ආයතනයකි.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා මාර්ග ආරක්ෂණ අරමුදල අදාල පනත මගින් ස්ථාපිත කර ඇති අතර එම අරමුදල පෝෂණය වන්නේ ශ්‍රී ලංකාව තුල රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් නියාමනය වන රක්ෂණ ආයතනයක් රථවාහන රක්ෂණය කිරීමේදී එහි තුන් වන පාර්ශවීය රක්ෂණ දායකත්වයෙන් 2%ක් වූ ප්‍රදානයකින් වේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කර්තව්‍යයන් 2005.01.01 දින අති විශේෂ ගැසට් පත්‍රයෙන් 1998 අංක 5 දරන මෝටර් වාහන පනතට ගෙන එන ලද සංශෝධනයේ දක්වා ඇත. ඒවා පහත දක්වා ඇත.
- මාර්ග අනතුරු සිදු කර නොනවත්වා පලා යන වාහන හඳුනාගත නොහැකි බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම වාහන අනතුරු වලට ගොදුරු ව මිය ගිය හෝ අබාධිත තත්වයට පත් පුද්ගලයන්ට සභාව මගින් අනුමැතිය ලබා දී ඇති ආකාරයට මූල්‍ය සහන ප්‍රදානය කිරීම.
- රථ වාහන ප්‍රමාණය සහ ඒවායේ ලක්ෂණ සහ සංයුතිය, මාර්ග අනතුරු, මාර්ග ආරක්ෂාව පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන, පිළිබඳ පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
- මාර්ග ආරක්ෂාව විෂය පිළිබඳ පුස්තකාලයක් පවත්වාගෙන යාම;
- සම්බන්ධිත විෂයයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම, පර්යේෂණ පැවැත්වීම සහ ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම
- සම්බන්ධිත විෂයයන් පිළිබඳ පර්යේෂණ වලට ආධාර කිරීම
- සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සබඳතා පැවැත්වීම සහ පළපුරුදු පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම
- මාර්ග ආරක්ෂාව සහ සම්බන්ධිත විෂයානුබද්ධ ව්‍යාපෘති කෙරෙහි වගකීම දරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන අදාළ ආයතන වලට දැනුම සහ තොරතුරු ලබා දීම:
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාවට නැඟීම
- රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරීම:
- මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු සඳහා මුල්‍යමය හා වෙනත් සහාය ලබා ගැනීම
- මාර්ග ආරක්ෂාව හා සම්බන්ධිත ප්‍රතිපත්තීන් සහ ව්‍යාපෘති පිළිබඳව රජයට උපදෙස් දීම
ඉහත දක්වා ඇති කර්තව්‍යයන් සිදු කිරීම සඳහා මෙම අරමුදලෙහි තැම්පත් වන මුදල් ප්‍රයෝජනයට ගැනීම සිදු කරනු ලබයි.


