Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • NRSC
  • මුල් පිටුව
  • අප ගැන
  • සේවාවන්
  • බාගතකිරීම්
  • මාධ්‍ය
    • පුවත් සහ සිදුවීම්
    • සේයා රූ ගැලරිය
    • සල රූ ගැලරිය
  • වැඩසටහන්
  • පැණ විසදුම්
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • E - Library
  • දත්ත ගබඩාව

  • ආරක්ෂාව අපේ වගකීමයි...!
  • ආරක්ෂාව අපේ වගකීමයි...!

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව
සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගෙන් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 ක නියෝජිත කණ්ඩායමකින් සමන්විත වේ.

පුවත් සහ සිදුවීම්

 රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන
රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා...
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර...
ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන...
බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම
බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම...
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන්...

ක්‍රියාත්මක වැඩසටහන්

PrevNext
ළමා මාර්ග ආරක්ෂණ එකකය
ළමා මාර්ග ආරක්ෂණ එකකය
  කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇත. පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් කොළඹ නගර සීමාව තුළ පමණක් නොව දිවයින පුරාම ඇති පාසල් දරුවන් සඳහා මාර්ග...

තවත් කියවන්න

හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් හට මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන
හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් හට...
රිය අනතුරකදී වාහනය හඳුනා ගැනීමට නොහැකිව වින්දිත භාවයට පත් වී මිය ගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට රු.දෙලක්ෂ පනස් දහසක් ( රු250,000.00 ) හා බරපතල තුවාල ලබන පුද්ගලයින්ට සහනයක් ලෙස රු.එක් ලක්ෂ පනස් දහසක් (රු. 150,000.00) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් ලබා දෙනු ලැබේ. මේ සඳහා නිසි ලෙස සම්පුර්ණ කල අයදුම් පත්‍රයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත යොමු කරන්න. අයදුම්පත ලබා...

තවත් කියවන්න

රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන
රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු...
  2025 වර්ෂයේ රිය අනතුරුවලට ලක්වු වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කර ඇත.  ඒ අනුව තොරගත් වින්දිත පුද්ගලයින් සඳහා මුල්‍ය සහන ලබා දීම සිදු කරනු ලැබේ.

තවත් කියවන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන

රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන

බස්නාහිර පළාතේ රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන යටතේ ඉල්ලීම් ලැබී තිබූ පාසල් වෙත රිය නියාමක කට්ටල ලබා දීම හා රිය නියාමන කටයුතු සම්බන්ධ දැනුවත් කිරීම් සිදු කිරීම  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතින වැඩසටහනකි.

මෙහිදී රිය නියාමක ජැකට් 06ක්, රිය නියාමක සංඥා පුවරු 02ක් බැගින් වූ කට්ටලයන්, අයදුම්පත් යොමු කර ඇති පාසල් 135ක් සඳහාත්, තවත් කට්ටල 165 ක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා  බෙදා දීමත් සිදු කරන ලබයි.

බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම

60 වන බාලදක්ෂ කැම්පෝරියට සමගාමීව බාලදක්ෂ සිසු සිසුවියන් 8000කට අධික ප්‍රමාණයක් දැනුවත් කිරීම
කොළඹ දිසා බාලදක්ෂ සංගමය (Sri Lanka Scout Association, Colombo district branch) මගින් 2025.11.05 සිට 2025.11.10 දක්වා පවත්වන 60 වන බාලදක්ෂ කැම්පෝරිය -කොළඹ (60th Colombo Scout Camporee) සමගාමීව විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇති ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ප්‍රදර්ශණ කුටියක් පැවැත්වීම හා මාර්ග ආරක්ෂාව පිළිබඳ බාලදක්ෂ සිසුන් දැනුවත් කිරීම සිදු කරණු ලැබීය.
මෙම බාලදක්ෂ කැම්පෝරිය සඳහා සිසුන් 8000 ක් පමණ සම්බන්ධ වූ අතර, 2025.11.06 සිට 2025.11.09 දක්වා එම බාලදක්ෂයින්ට , ශ්‍රී ලංකා පොලිසියේ හා කොළඹ මහා නගර සභාවේ සහයෝගය ඇතිව ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීම, මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ පට ඩිජිටල් තිරය ඔස්සේ විකාශණය කිරීම, මාර්ග රිය අනතුරු පිළිබඳ දත්ත හා තොරතුරු ලබා දීම වැනි ක්‍රියාකාරකම් සිදු කරනු ලැබීය. තවඳ, මෙම වැඩසටහනට සහභාගී වන බාලදක්ෂයින් සඳහා ඔවුන් සහභාගී වූ බව සනාත කරමින් ඔවුන්ගේ බාලදක්ෂ වැඩපොතෙහි (Log book) ඇලවීම සඳහා ස්ටිකර්පතක් ලබා දීමත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම

 

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම

කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවය (St. Jones Ambulance Association & Brigade in Sri Lanka, Colombo) හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව, මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2025.11.16 දින මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ශාන්ත ජෝන් ගිලන් සේවයේ සාමාජික සිසු සිසුවියන් 450 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

බාගතකිරීම්

 

හඳුනා නොගත් වාහන අනතුරුවලට භාජනය වු පුද්ගලයන් සඳහා වන්දි යෝජනා ක්‍රමය - වන්දි ඉල්ලුම් පත්‍රය

 

හඳුනා නොගත් වාහන අනතුරුවලට භාජනය වු පුද්ගලයන් සඳහා මුල්‍ය සහන සැළසීමේ ක්‍රියාවලිය පිළිබඳ උපදෙස්

 

ජාතික මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මේ තක්සේරුව වර්තමාන තත්වය, ආයත්නික සූදානම හා ඉදිරි ගමන- අවසන් වාර්තාව

 

ගරාජ් ලියාපදිංචිය සහ සේවා ප්‍රමීතීන් (සිංහල | English)

 

මෝටර් වාහන අනතුරු මගින් තුන්වන පාර්ශවීය වින්දිතයන්ට සිදුවන මරණ හෝ ස්ථිර ස්ථිර අබලතා සඳහා වන්දි ලබාගත හැකි විකල්ප ක්‍රමවේද වන්දි අයදුම්පත 

 

 

 

 

Page 1 of 2

  • ආරම්භ කරන්න
  • පෙර
  • 1
  • 2
  • ඊළඟ
  • අවසානය
FaLang translation system by Faboba

රිය අනතුරු
තොරතුරු පද්ධතිය

පිවිසෙන්න

මහජන අදහස්

පිවිසෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ
තොරතුරු බිඳක්

අත්‍යාවශ්‍ය සබැඳියන්

  • ශ්‍රී ලංකා ජනාධිපති
  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • ජනාධිපති මාධ්‍ය ඒකකය
  • අගමැති කාර්යාලය
  • මුදල් අමාත්‍යාංශය
  • රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ
    අමාත්‍යාංශය
  • ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
    අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන
    දෙපාර්තමේන්තුව

සම්බන්ධිත ආයතන

  • ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා දුම්රිය සේවය
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
  • ජාතික ගමනාගමන කොමිෂන් සභාව
  • සිවිල් ගුවන්සේවා අධිකාරිය
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
  • සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන්සේවා
  • සී/ස ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, 
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය,
අංක 01, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

 

දුරකථන : +94 112 696 890 / +94 112 687 109 
ෆැක්ස්     : +94 112 680 163 
ඊ මේල්   : ncrstransport@gmail.com
කතුහිමිකම © 2026 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

2026-06-16
යාවත්කාලීනය